ටෙක්නොලජි ගැන සිංහලින්

Total Pageviews

/
Powered by Blogger.
          රෑට ලයිට් ඩිම්ද ? මෙනන් විසදුම.


ඔයාල හැමෝම දන්නවනේ අපේ නිවෙස්වලට ලැබෙන ප්‍රධාන විදුලිය වෝල්ට් 230 ක් කියල මේ විදුලිය විදුලි බලාගාරවල ඉදල සෑහෙන පරිවර්ථන ගොඩක් කරල තමයි මේ විදියට ගෙවල්වලට  ලැබෙන්නෙ ඉතින් මේ විදුලිය හැම වෙලේම 230 V අගයේම පවතින්නෙ නැ ගෙඩක් වෙලාවට දවල් කාලයේ 210V ත්  240V අතර අගයක් ගන්නවා මෙහෙම වෙනස් වෙන්නත් හේතු ගොඩක් තියෙනවා  බලාගාරවලින් නිපදවන විදුලිය සම්ප්‍රේෂණය සදහා 132000V ක පමණ වෝල්ටීයතාවයට පත්කරනවා ඊට පසු අධිවිදුලි රැහැන් මගින්    උප පොලවලට බෙදාහරිනවා  එහිදී නැවත මේ විදුලිය 3300V ක පමණ වෝල්ටීයතාවයට පත්කරනවා  මේ විදුලිය නැවත 230V කට හරවල තමයි නිවෙස් වලට ලැබෙන්නෙ මේ සදහා පරිනාමක (transformer)යොදා ගන්නවා
    මම කිව්වනෙ මේ විදුලිය හැම වෙලේම 230 V අගයේම පවතින්නෙ නැ කියල  එක හේතුවක් තමයි විදුලිය බෙදාහරින පරිනාමක (transformer)යේ සිට පවතින දුර මේ දුර වැඩිවන විට වෝල්ටීයතාවයද අඩුවෙනවා
අනෙක් කාරනය තමයි විදුලි පරිභෝජනය                    ( විදුලි ඉල්ලුම ) රාත්‍රී කාලයේ  විදුලි පරිභෝජනය වැඩි නිසාත්  වෝල්ටීයතාවයද තවත් මේ විදිහට අඩුවෙනවා
 

ඉතින් සමහර නිවෙස්වලටනම් මේක තදින්ම බලපානවා පරිගණකයක් භාවිතා කරන්න බවුත් එකක් පාවිච්චි කරන්න ගියාම ඉතින්............එතකොට ලයිට්වල එලිය ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ

මම කියා දෙන්න යන්නෙ මෙහෙම අඩු වුනාම විදුලිය වැඩිකරල වැඩ ගන්න පුඑවන් සරල ගැජට් එකක් හදා ගන්න විදිය ගැනයි (වෙළද පොලේ මෙහෙම ගැජට් තිබුනත් ඒව මිල අධිකයිනෙ)


                   මේකට 230 V ප්‍රාථමික දගරක් හා 24V ක ද්විතීක  දගරක් ඇති පරිනාමකයක්  (transformer) අවශ්‍යයි ද්විතීකයේ වෝල්ටීයතාවය වැඩිවන තරමට වැඩේ සාර්ථකයි
           




  මෙන්න පරිපථය
මේ  ගැජට් එක පරිගණකයට නම් පාවිච්චි කරන්න බෑ ඒකට වැඩි ධාරාවක් ගන්න නමි ඒකට ම transformer ඔතන්න වෙනව(වැඩි ධාරාවකට හරියන විදියට පරිනාමකයක් ඔතා ගත්තොත් පරිගණකයට පාවිච්චි කරන්න පුඑවන්)  නමුත් බවුත් එකකට ලයිට් එකකට වගේ අඩු ධාරාවක් අවශ්‍ය උපකරන වලට  නම් ප්‍රශ්නයක්  නැ  එහෙනම් ට්‍රයි කරල බලන්න 
අමතක නොකර කොමොන්ටුවකුත් දාලම යන්න