auto spray එකක් refill කරමුද?
මේකට මෙන්න මේ බඩු ටික හොයා ගන්න වෙනවා ලොකු වියදමක් යන්නේ නෑ ඉවත දමන දේවල් වලින් මේවා හොයා ගන්න පුඑවන් 01 ඉවත දාන auto spray එකක්
03 40W බවුත් එකක් 60W ක එකක් නම් වඩාත් සුදුසුයි
04 පාස්සන ඊයම්
05 මීට අමතරව හුලං පොම්පයකුයි තීන්ත පුරවන්න ඉන්ජෙක්ෂන් සිලින්ජරයකුයි තීන්තයි ඹ්න කරනවා
හරි ඔන්න එහෙනම් ගැජට් ටික ලැස්තිකරගෙන වැඩේට බහිමු ඉස්සෙල්ලාම බයිසිකල් ටියුබ් එකේ වෑල් එක රබර් කෑලි ඉවත් කරල පිරිසිදු කරගන්න නැත්තම් පාස්සන් අමාරැයි ඊලගට auto spray එකේ වෑල් එකට සමාන ප්‍රමාණයක් auto spray එකේ සූරල ඉවත් කරන්න ඊට පස්සේ 2mm විතර කුඩා සිදුරක් විද ගන්න
ඔන්න මේ පින්තුර කෑල්ලෙ විදියට auto spray හදා ගන්න හරි ඊලගට තියෙන්නේ පැස්සීම පාස්සන්න හොද පුරැද්දක් නැත්තන් පාස්සන්න හොදට දන්න කෙනෙකුගේ සහය ලබාගන්න මොකද හොදට පෑස්සුනේ නැත්තම් වැඩේ අල වෙනවා
දැන් බවුත් එක හොදට රත්වෙන්න තියල auto spray එකේ සිදුර වටේට ඊයම් ගාගන්න ඊට පස්සේ වෑල් එකේ සිදුර auto spray එකේ සිදුරට සමපාත වෙන විදියට තියල වටේට පාස්සගන්න පෑස්සුවට පස්සෙ මේ වගේ තිබුනොත් වැඩේ ගොඩ
හරි දැන් මුලික කටයුතු හමාරයි ඹයාලගේ වැඩේ සාර්තකද කියල බලන්න මේකට හුලං ටිකක් ගහල බලන්න වැඩේ සාර්තකයිනම් auto spray press කරාම හුළං විදින්න පටංගනී දැන් මේ ගැජට් එක තීන්ත පුරවන්න සූදානම් එහෙනම් වෑල් එක ගලවල ඒකට තින්ත පුරනවාගන්න මේකට මම නම් බාවිතා කලේ ඉන්ජෙක්ෂන් සිලින්ජරයක් තීන්ත තිනර්වල දියකරල auto spray එකට දාල වෑල් එක හොදට වහන්න දැන් හුලං පොම්පයෙන් හුලං ගහල auto spray එක පාවිච්චි කරන්න
ඹන්න හරි ඹයාලත් අත්හදා බලන්න නිකන් විසිකරන auto spray නේ අවුලක් තිබුනොත් අහන්නකෝ
ආ................................ අමතක නොකර comment එකකුත් දාලම යන්න
Subscribe to:
Posts (Atom)





