PCB Drilling Matching එකක් හදමු
අද පෝස්ට් එකෙන් කියල දෙන්න යන්නෙ PCB Drilling Matching එකක් හදාගන්නෙ කොහොමද කියල ebay එකේ මේවගේ Drilling Matching විකුනන්න තියෙනවා නමුත් අඩු මුදලකට ගෙදරදිම හදාගන්න පුඑවන් ක්‍රමයක් තමයි කියල දෙන්නෙ Drilling Matching එකක වැදගත්ම කොටස තමයි Drilling Chuck එක
මේ තියෙන්නෙ සාමාන්‍යෙයන් මිලදී ගන්න තියෙන Drilling Chuck නමුත් ලංකාවේදී මේවගේ Drilling Chuck එකක් මිලදී ගන්න අමාරැයි ඉතින් මේකට විසදුමක් විදියට අපිටම හදාගන්න පුඑවන් Drilling Chuck එකක් ගැනයි කියන්න යන්නෙ හැබැයි මේ Drilling Chuck එකේ Drilling කටු ගලවන්න නම් බෑ PCB විදින්න විතරක් පාවිච්චි කරන නිසා ඒක ගැටඑවක්නම් නෑ
මේ වැඩේට අවශ්‍ය කරන ගැජට් ටිකක් තියෙනවා
0.8 mm හෝ 1mm Drill Bit (Drilling කටු) 12V DC Motor එකක් මම මේකට පාවිච්චි කරේ පරණ CD Drive එකකින් ගලව ගත්තMotor එකක්

තව ceiling rose එකකින් ගලව ගන්න ඕනෙ ගැජට් එකකුත් තියනවා මේ පිත්තල කොපුවෙ ඇණ ටික අයින් කරල මේකෙ තමයි අපි Drill Bit එක රදවන්නෙ
මීට අමතව තඔ කොලවලින් කපාගත්ත තඹ පටි ටිකක් ඊයම් බවුත් එකක් ඕනෙ කරනවා
හරි එහෙනම් වැඩේට බහිමු
ඉස්සෙල්ලාම Drill Bit එක වටේට තඹ පටිය ඔතන්න පිත්තල කොපුවෙ සිදුරට හිරවෙන ප්‍රමානයේ දිගට තඹ පටිය ඔතන්න ඊට පස්සෙ පිත්තල කොපුවෙ සිදුරට හිරවෙන්න කටුව ඇතුල් කරන්න
ඒ වගේම මෝටරයේ Shape (ඊශාව) ප්‍රමාණයට හරියන තරමට තව තඹ පටියක් ඔතන්න

දැන් Drilling කටුව සමබර වෙන විදියට Drilling කටුව හරවලා ඊයම් වලින් පාස්ස ගන්න පාස්සදි මෝටරයේ Shape එකට සම්බන්ද වෙන පැත්තට ඊයම් පිරෙන්න දෙන්න එපා
දැන් Drill Bit එක Motor එකට සම්බන්ද කරල බලන්න Drill Bit එක සමබරද කියල සමබරවුනේ නැත්නම් නැවත බවුත් එකෙන් රත් කරල Drilling කටුව සමබර කරගන්න ඊලගට මෝටරය PVC බටයකට ඇතුල් කරල ස්වච් එකක් සම්බන්ද කරගන්න
මේ තියෙන්නෙ මම හදපු PCB Drilling Matching එක
ඔන්න වැඩේ ඉවරයි මම නම් ඉස්සරහට White L.E.D. එකකකුත් හයිකරා හදල බලන්න නිකම්ම යන්න එපා Comment එකකුත් දාලම යන්න
Subscribe to:
Posts (Atom)






