ටෙක්නොලජි ගැන සිංහලින්

Total Pageviews

/
Powered by Blogger.

ඔබේ වාහනයත් දුම් පරීක්ෂණයෙන් අසමත්ද ?


                     වාහන දුම් පරීක්ෂාව 2003 ජුනි 30 වැනි දින නිකුත් කරන ලද 1295/11 දරන ගැසට්‌ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය ඒක නිසාම ඉතින් වාහන ලියාපදිචි කරන්න ගියාම හැමෝටම මේ කට්ට කන්න වෙනවනේ අඑත්  වාහන වලට මේ ටෙස්ට් එක ලොකු වදයක් නොවුනට ටිකක් පරන  වාහන වලට  දුම් පරීක්ෂාව කරගන්න ගියාම වාහන එපාම වෙනවානේද  මොනව කිව්වත් ඉතින්  දුම් පරීක්ෂාව  පාස් වෙන්නම වෙනවනේ ඒත් මෙක නිසා අවුරැද්දකට සැරයක්වත් වාහනය service කරනවනේ
                            දුම් පරීක්ෂණයේදී වාහනයෙන් පිටවන දුම්වල අඩංගු කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය හා නොදැවුන ඉන්ධන ප්‍රමාණය ගනනය කිරීමක් කරනවා නියමිත අගය ඉක්මවා තිබුනොත් තමයි පරීක්ෂණය අසමත් වෙන්නේ හැබැයි මේ වාරථාවෙ තියෙන කරැනු අනුව වාහනයේ අඑත් වැඩියාව තීරණය කරන්න පුඑවන්
     පෙට්‍රල් වාහනයක්‌ දුම් පරීක්‍ෂාවෙන් අසමත් වුවොත් එනම් කාබන් මොනොක්‌සයිඩ් (CO) නිකුත් වීම හේතුවෙන් අසමත් වුණොත් ඉන්ධන පද්ධතිය, වායු ඉන්ධන මිශ්‍රණය, කාබියුරේටරයේ ෆ්ලෝටරය නීඩ්ල් ජෙට්‌, කාබියුරේටරයේ ලැසි දිවුම් පරිපථය (Idle circuit). කාබියුරේටරයේ ප්‍රධාන පරිපථය (main circuit). යන උපාංග පරීක්‍ෂාවට ලක්‌ කර එහි දෝෂ මඟහරවා ගත යුතු ය. 
                හයි‍ඩ්‍රොරාකාබන් (HC) පිට වීම හේතුවෙන් අසමත් වූයේ නම් වැකියුම් හෝස්‌, ටයිමින්, 2T හා පෙට්‍රල් මිශ්‍රණය, ස්‌පර්ශක තුඩු හා එහි පරතරය, ස්‌පාක්‌ ප්ලග් හා එහි තුඩු අතර පරතරය, වායු පෙරහන (Air filter), ප්ලග් වයර්, PVC කපාට, ඩිස්‌ටිබියුටරය යන උපාංග පරීක්‍ෂාවට ලක්‌ කර එහි දෝෂ මඟහරවාගත යුතු ය. 
                                   හරි ඉතින් මේ ගැටඑ ඇතිනොවෙන්න වාහනය පාවිච්ච් කලයුතුයි ඒ කියන්නෙ හොද තත්වයේ ඉන්ධන පාව්ච්චි කළ යුතුයි මම අද කියල දෙන්නෙ බයික් එකක් දුම් පරීක්ෂාව ගෙනියන්න කලින් කරන්න ඕනෙ කරැනු කීපයක් ගැනයි 

  01 දුම් පරීක්ෂාව ගෙනියන්න සතියකට කලින් ඉදන් Soltron ප්‍රෙට්‍රල් වලට මිශ්‍ර කරන්න (ඉන්ධන පිරවුම් හල්වලින්   මේක  මිලදී ගන්න පුඑවන්) Soltron කියන්නෙ ඉන්ධන වල දහනය  වැඩිකරන ද්‍රව්‍යයක්  මෙහි මිශ්‍රන අනුපාතය  ප්‍රෙට්‍රල් ලීටර් එකකට : Soltron මිලි ලිටර් 1යි 

 02 air filter එක හොදට සුද්ද කරන්න 
         මේ පියවර 2 හොදටම ප්‍රමානවත් මතක තියා ගන්න දුම් පරීක්ෂාව ගෙනියන්න සතියකට කලින්  Sltron ප්‍රෙට්‍රල් වලට මිශ්‍ර කරන්න එතකොට සයිලන්සරයේ බැදිල තියෙන කාබන් අංශු බොහෝ දුරට ඉවත් වෙනවා හරි එහෙනම් ඔයාත් මේක කරල බලන්නකෝ