UPS බැටරිය නරක්වෙලාද ? මෙන්න විසදුම
පරිගණකය පාච්චි කරන හැමෝම දන්න දෙයක්නෙ UPS එක UPS ගත්ත දවස් වලම විනාඩි 20 ක් විතර බැටරියෙන් වැඩ කලාට කල් යනකොට මේ කාලය ටික ටික අඩුවෙනවනේ සමහර විට පරිගණකය පරිගණකය shut down කරගන්න කාලය මදි වෙන තරමටම කාලය අඩුවෙනවා එතකොට තියෙන විසදුම තමයි අඑත් බැට්රියක් දාන එක ඉතින් මේකට රැපියල් 1500 ක් විතර වියදම් කරන්නති වෙනවනේ මෙන්න තියෙනවා ඒකට විසදුමක්
ඉස්සෙල්ලාම UPS එක ප්‍රවේසමින් ගලවන්න එක එක මාදිලියෙන් මාදිලියට ගලවන විදියනම් වෙනස්නෙ ඇතුලෙ උපාංග වලට හානියක් නොවෙන විදියට බැටරිය ගලවන්න.
ඊලට බැටරියේ උඩ තියෙන පියන් 6 විවෘත කරගන්න ඕනෙ මේකට පිහිතුඩක් පාවිච්චි කරන්න පුඑවනි
හරි මේ පියන් අයින් කලාම තියනවා රබර් මුඩි 6ක් ඒවත් අයින් කරගන්න දැන් අපිට ඕනෙ කරනවා ඉන්ජෙක්ෂන් සිලින්ජරයකුයි ආසුත ජලයයි ආසුත ජලය විදිහට බැටරි වතුර බෝතලයක් මිලදී ගන්න පුඑවන් (බැටරි ඇසිඩ් යොදා ගැනීමෙන් වලකින්න සාමන්‍ය ජලය මේ සදහා සුදුසු නෑ ඒවගෙ විවිධ ලවණ වර්ග ඇති නිසා එමගින් බැටරියට හානි විය හැක )
හරි මේ මුඩි ඉවත් කරපු එක කුටිරයකට අපි Cell එකක් කියල කියනවා මේ Cell එකක වෝල්ට් 2ක විභව අන්තරයක් නියෙනවා මේ වගේ Cell 6කින් තමයි වෝල්ට් 12 ක් හැදෙන්නෙ දැන් කරන්න තියෙන්නෙ එක එක Cell එක පිරෙන්න ආසුත ජලය පිරවීමයි මේකට ඉන්ජෙක්ෂන් සිලින්ජරය පාවිච්චි කරන්න පුඑවන්
ඊට පස්සෙ වැඩි වතුර ඉවත් කරල රබර් මුඩි සහ පියන් කලින් තිබුන විදියටම හයි කරන්න අවසානයව සෙලෝටේප් වලිනි පියන් 6ම වහන්න
දැන් බැටරිය පාවිච්චියට සුදානම් කියන්න අමතක උනා පාවිච්චියට පෙර අවම වශයෙන් පැය 48 ක්වත් charge කරන්න ඕනෙ
එහෙනම් උත්සහ කරල බලන්න නිකන් විසිකරන බැටරිනෙ
Subscribe to:
Posts (Atom)


